Umbraco CMS යනු දැනට භාවිතයේ පවතින වඩාත්ම ජනප්‍රිය asp.net මත පාදක වූ open source වර්ගයේ CMS(Content Management System) එකයි.ඔබ මෙවනවිටත් Joomla,Wordpress CMS පිළිබඳව අසා ඇත්නම් මෙයද එවන් වූ CMS එකකි.
මෙහිදී මෙම CMS එක භාවිත කිරීමට නම් ඔබගේ පරිගණකයේ පහත සඳහන් මෘදුකාංග ස්ථාපිත කර තිබිය යුතු වේ.
1.Microsoft SQL server 2005 and Management Studio (or higher)
2.Web Matrix 2.0 or higher
3.Visual Studio 2010(Recommended) for higher
4.Firefox or web browser with debugging tools(ex- Firebug)
5.Photoshop and other apllication for designing purpose
මෙහිදී මුල් අදියරේදී Microsoft Web Platform Installer ඇසුරෙන් web Matrix 2.0 පරිගණකයේ ස්ථාපිත කරන අයුරු විස්තර කරන අතර අනෙකුත් මෘදුකාංග තම පරිගණකයේ ස්ථාපිත කිරීම ඔබ සතු වේ.
මෙම ලිපිමලාවේදි මුලසිට සරලව Umbraco CMS පිළිබඳව පාඨකයන් පහත සඳහන් අයුරින් දැනුවත් කිරීමට අදහස් කෙරේ.
1. Microsoft Web Platform Installer සහ web Matrix 3.0 පරිගණකයේ ස්ථාපිත කරමු.
2. Umbraco සරල හැඳින්වීමක්
3. ඔබගේ වෙබ් අඩවියට වෙබ් පිටු (Pages) සහ අන්තර්ගතයන් (contents) එකතු කරමු.
මෙම ලිපි මාලාවේ පළමු ලිපිය වන මෙහිදී අප පරිගණකයේ Microsoft Web Platform Installer ඇසුරෙන් web Matrix 3.0 පරිගණකයේ ස්ථාපිත කරන ආකාරය ඉදිරිපත් කෙරේ.
Microsoft Web Platform Installer පරිගණකයේ ස්ථාපිත කරන අයුරු
මේ සඳහා ඔබ මුලින්ම Microsoft web අඩවිය වෙත පිවිස Microsoft Web Platform Installer භාගත කල යුතුය.

රුපය 1 |
ඉන් අනතුරුව Web Platform Installer පරිගණකයේ සාමාන්‍ය පරිදි ස්ථාපිත කල විට පහත අයුරින් එම වැඩසටහන ක්‍රියාත්මක වේ.
රුපය 2 |
එහි ඉහල වම කෙලවරේ ඇති Search Box මත webmatrix ලෙස type කරන්න එවිට ඉහත රුපයේ (රුපය 2) පරිදි Microsoft Webmatrix 3.0 ලෙස search result එකක් ලැබේ. එය ඉදිරි පස ඇති Add Button මත Click කොට පහලින් ඇති Install Button එක click කරන්න.(මේ සඳහා අන්තර්ජාල පහසුකම අනිවාර්යයෙන්ම තිබිය යුතු වේ.)
එවිට Webmatrix 3.0 මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත වේ. ස්ථාපිත කල පසු පහත අයුරින් webmatrix මෘදුකාංගය ක්‍රියාත්මක වේ.
රුපය 3 |
ඉදිරි ලිපියේදී Umbraco CMS එක Webmatrix තුල install කරන ආකාරය ඉදිරිපත් කෙරේ. ඒ සඳහා අවශ්‍යවන Microsoft SQL server 2005 and Management Studio (or higher), Visual Studio 2010(Recommended) පරිගණකයේ ස්ථාපිත කරගැනීම ඔබ සතු වේ.
ඔබට කිසියම් ගැටළුවක් ඇති වුයේ නම් එය අපට ඉදිරිපත් කරන්න.